colombotimes.lk
සිංහල | English

14 October 2024


සුවහසක් ඉන්දියානුවන් අද පාකිස්ථානයේ ජය බලාපොරොත්තුවෙන්



2024 T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩයේ අවසන් තරගය අද (14) පැවැත්වෙනවා.

ඒ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වනවා.

මෙම ලෝක කුසලානයේදී 'A' කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියා කණ්ඩායම මේ වන විට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා අවසන්.

ඒ අනුව අද පැවැත්වෙන තරගය නවසීලන්ත කණ්ඩායමට මෙන්ම ඉන්දීය කණ්ඩායමටද වැදගත් වනවා.

අද තරගය නවසීලන්තය ජයග්‍රහණය කළහොත් ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර ඉන්දියාවට මූලික වටයෙන් ඉවත් වීමට සිදු වනවා.

එමෙන්ම මෙම තරගය පාකිස්ථානය ජයග්‍රහණය කළහොත් ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

මේ වන විට A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන පහතින්,


(colombotimes.lk)