02 June 2025


තේරී පත්වූ පළාත් පාලන සභිකයන්ගේ පළමු කොටස අද ගැසට් කරයි



පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයින්ගේ නම්වලින් කොටසක් අද (23) ගැසට් මඟින් පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක සඳහන් කළේ පළාත් පාලන කොට්ඨාස ජයගත් සියලු සභිකයින්ගේ නම් එහිදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි.

එමෙන්ම ලැයිස්තුවලින් තේරී පත්වූ සභිකයන්ගේ නම් මෙතෙක් භාර නොදුන් දේශාපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට එම නම් කඩිනමින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට භාරදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)