19 September 2025

logo

දප්පුල ද ලිවේරා පිළිබඳව අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක්



2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිවරයා අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා. 

ඒ, හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා ගොනු කළ පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදීයි. 
 
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) කළ සිතාසිය සම්බන්ධයෙන් මෙම පෙත්සම ගොනුකර තිබුණා. 
 
පෙත්සම ගොනු කරමින් හිටපු නීතිපතිවරයා ප්‍රකාශ කළේ, තමන් නීතිපතිවරයා ලෙස කටයුතු කරන කාලය තුළ තමාගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිසියට බලයක් නොමැති බවයි. 
 
එය නීතිපතිවරයෙකුට ලබාදී ඇති වරප්‍රසාද කඩ කිරීමක් බව ද ඔහු සඳහන් කළා. 
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමාව කැඳවීම සහ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
(colombotimes.lk)