colombotimes.lk
සිංහල | English

20 May 2024

හිටපු ඇමතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි



හිටපු අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) මෙලෙස ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

1925 වර්ෂයේ අප්‍රේල් මස 11 වැනි දින උපත ලැබූ රොනී ද මැල් මහතා මියයන විට 99 වැනි වියෙහි පසුවුණා.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ අයවැය එකොළහක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා ලෙසද ඒ මහතා හඳුන්වනවා.
(colombotimes.lk)