ඇමරිකානු තානාපතිනි Julie Chung සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර ඵලදායි සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වෙළඳ සබඳතා නැවත සමතුලිත කිරීම සම්බන්ධයෙන්.
එහිදී එක්සත් ජනපද අපනයන සඳහා අන්‍යෝන්‍ය වශයෙන් සැලකීමේ අවශ්‍යතාවය තානාපතිනිය අවධාරණය කළා.
එමෙන්ම සාධාරණ හා සමබර වෙළඳ සම්බන්ධතාවයක් දෙරටේ ආර්ථික වර්ධනයට, රැකියා උත්පාදනයට සහ කර්මාන්ත ශක්තිමත් කිරීමට දායක වන බව ඇය එහිදී සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)