02 June 2025


IMF සිව්වන සමාලෝචනය ගැන සුබ ඉඟියක්



පසුගිය අප්‍රේල් 25වනදා එකඟතාවයට පැමිණි IMF සිව්වන සමාලෝචනය එහි විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යකරණයක් ලබා ගත හැකි බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් ප්‍රකාශ කළා.

ඒ සතිපතා පැවැත්වෙන IMF තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

එම සමාලෝචනය සම්පූර්ණ කිරීම විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වන බවත් ඉදිරි සතිවලදී විධායක මණ්ඩල රැස්වීම සිදුවන බව අපේක්ෂා කරන බවත් ඇය සඳහන් කළා. 

(colombotimes.lk)