ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා වන විභාගය, 2023 දෙසැම්බර් මුල් සතියේ පවත්වන බවට, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසුවා.
2023.06.30 දින වනවිට මෙරට ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2,763 ක් ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, 2021.03.31 දින වනවිට පැවති ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් විභාගය පැවැත්වීමටත්, දැනට රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් අන්තර්ග්‍රහණය මඟින් ඉතිරි පුරප්පාඩු පිරවීමටත්, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවයි සඳහන් කළේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න යටතේ සංජිව එදිරිමාන්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
(colombotimes.lk)