ප්‍රකාශයයක් ලබාදීම සඳහා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා.
කතරගම ප්‍රදේශයේ ජී. රාජපක්ෂ නමින් පිහිටි ඉඩමක විදුලි සම්බන්ධතාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර ගෙන යන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔහු පැය එකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදී තිබෙනවා.
(colombotimes.lk)