නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ පුද්ගලයන් 43ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ 2025 වසරේ මාර්තු 25වනදා සිට අප්‍රේල් 07වනදා දක්වා කාලය තුළ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදීයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ධීවර පරීක්‍ෂක කාර්යාල එක්ව පාලමීන්මාදු, වංකාලේ, මන්ඩතිව්, ඉරක්කණ්ඩි, උල්ලංකාලි කළපුව, වාලච්චේනිය, ඌරණි කලපුව, ඔළුතුඩායි, කඩෙයිකාඩු, චුන්ඩිකුලම්, මඩකළපුව නාවක්කාඩු කළපුව, වව්නතිව් කළපුව සහ වලෙයිපාඩු වෙරළ සහ මුහුදු ප්‍රදේශ අශ්‍රිතව සිදු කළ මෙහෙයුම්වලින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම පුද්ගලයන් සමඟ නීති විරෝධී දැල් 45ක්, මුහුදු කූඩැල්ලන් 50,005ක්, ඩිංගි යාත්‍රා 13ක්, පුපුරණ ද්‍රව්‍ය සහ කිමිදුම් උපකරණ රැසක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.
(colombotimes.lk)