03 July 2025

logo

බස් රථයක් පෙරළීමෙන් 18කට දිවි අහිමි වෙයි



නැගෙනහිර තායිලන්තයේ අද (26) සංචාරක බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් අවම වශයෙන් පුද්ගලයන් 18දෙනෙක් මියගොස් 23දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

Prachin Buri පළාතේ Khao San Pu Tone කන්දේදී බස් රථය පහළට ගමන් කිරීමේදී තිරිංග ක්‍රියා විරහිත වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු ඇතුළු මගීන් 49දෙනෙක් බස් රථයේ ගමන් කර තිබෙනවා.
 
(colombotimes.lk)