දිවයිනේ පවතින අධික වර්ෂාපතන කාලගුණය හේතුවෙන් බුලත්කොහුපිටිය ප්රදේශයේ උඩපොත ඉහළගම ප්රදේශයේ කන්දක් නායයෑමකට ලක්වී තිබෙනවා.
මෙම කන්ද නායයෑමත් සමඟ උඩපොත ඉහළගම ගම්මානයට යන මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබෙන බවයි වාර්තා වන්නේ.
උඩපොත ඉහළගම ප්රදේශයේ මීට වසර 15 කට පමණ පෙර නායයෑමේ අවදානම හේතුවෙන් පවුල් රැසක් එම ප්රදේශයෙන් ඉවත් කර තිබෙනවා.
ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ නායයෑමට ලක්වූ කන්දට ඉහළින් තවත් අවදානම් සහිත විශාල කළු ගලක් තිබෙන බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.
(colombotimes.lk)