බලංගොඩ - ගවරන්හේන, වැහින්තැන්න ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් නිවාස තුනක් හානි සිදුව තිබෙන අතර පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පැවසුවා.
එකම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනෙකු මෙලෙස අතුරුදන්ව සිටිනවා.
එමෙන්ම නාය යාමෙන් අර්ධ හානියට පත්වී ඇති නිවාස දෙකක සාමාජිකයන් නව දෙදෙනකු ඒ ආසන්නයේ පිහිටි වාඩියක ආරක්ෂිතව සිටින බවත් එක් අයකු රෝහල් ගත කළ බවත් තවත් වයොවෘද්ධ පුද්ගලයකු නායට යටවී සිටියදී ප්‍රදේශ වාසීන්ට මුදවා ගැනීමට හැකිවූ බවද පොලිසිය සඳහන් කළා.
අතුරුදන් වූ පුද්ගලයින් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
අධික වැසි තත්ත්වය හේතුවෙන් මෙම නායයෑම සිදුව ඇති අතර, ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
(colombotimes.lk)