මත්තල ගුවන්තොට පිළිබඳ ගත් අලුත්ම තීරණය මෙන්න



මත්තල ගුවන්තොටුපොලේ කළමනාකාරීත්වය ඉදිරි සති කිහිපය තුළ රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබාදීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ඒ, විශාල වශයෙන් පාඩු ලැබීම හේතුවෙන්.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුගතකරණය කිරීම මිස විකිණීමට කටයුතු නොකරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

(colombotimes.lk)