colombotimes.lk
සිංහල | English

06 May 2024

පළාත් පාලන ආයතනවල තරුණයින්ට වැඩි අවස්ථාවක්



තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතනවල 25%ක නියෝජනය තහවුරු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පවසනවා.

මීට පෙර තරුණ අසහන කොමිෂන් සභාව මඟින් පළාත් පාලන ආයතන නාම යෝජනා සඳහා 25%ක තරුණ නියෝජනයක් ලබා දී තිබුණා.

නමුත් පසුගිය සමයේ එම අවස්ථාව අහිමි වී ගිය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එම අවස්ථාව නැවත ලබාදීම සඳහා මෙම ප්‍රයත්නයට දරන බවයි ඔහු පැවසුවේ.

ඔහු මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
(colombotimes.lk)