02 June 2025


දිගුකාලීන කර්මාන්ත සංවර්ධන සැලැස්මක්



අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයේ අභියෝග පිළිබඳ සාකච්ඡාවක් අද (28) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන් එම සාකච්ඡාව සඳහා එක්ව සිටියා.

එහිදී දේශීය නිෂ්පාදනය ශක්තිමත් කර ගනිමින් අපනයනය ප්‍රමුඛ කර ගත් නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු වීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මතුව ඇති අභියෝග ජයගැනීම සඳහා දිගුකාලීන කර්මාන්ත සංවර්ධන සැලැස්මක් සකස් කිරීම පිළිබඳවද අවධානය යොමු වූ බවයි.

(colombotimes.lk)