colombotimes.lk
සිංහල | English

20 May 2024

2022 දී පාඩු ලැබූ ආයතන 2023 දී ලාභ ලබයි



2022 වසරේ දී රුපියල් බිලියන 743ක් පාඩු ලැබූ ආයතන 52ක් 2023 වසරේ මුල් මාස 9 තුළ රුපියල් බිලියන 313ක ලාභයක් අත් කර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ඊයේ (27) පැවති අස්වැසුම පිළිබඳ වැඩමුළුවකට එක්වෙමින්.

එම ආයතන අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතන ද වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ පිරිවැයට සරිලන මිලක් නියම කිරීම සඳහා රජය ගත් පියවරද එම ලාභ ලැබීම සඳහා හේතු වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.  
(colombotimes.lk)