22 May 2026

logo

පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් - කාලගුණය අයහපත් අතට



අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම සහ ඒ අශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ හේතුවෙන් අද (06) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

(colombotimes.lk)