colombotimes.lk
සිංහල | English

02 May 2024

මේ වසරේදී සහල් ආනයනය නොකිරීමට තීරණයක්



රට සහලින් ස්වයංපෝෂිත බැවින් 2024 වසර තුළ සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. 

එසේම 2024 වර්ෂයේදී වී, බඩ ඉරිඟු, අර්තාපල් සහ මිරිස් යන බෝග ජාතික අවශ්‍යතාවයේ ඉලක්කයට ළඟා වීම සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමට තීරණය කර තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 
 
මේ අතර රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් සහන මිලට පොහොර ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ තේ පෙහොර මිල අඩු කරන ගිවිසුමට අත්සන් කරමින් එම පොහොර අඩු මිළට ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. 
 
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
(colombotimes.lk)