ප්‍රශ්න ඇසීමේ වාරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලැබෙන කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ඒ අනුව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට කතා කිරීමට ලැබෙන්නේ විනාඩි හතක් අටක් පමණක් බවත්, කාලය සාධාරණව බෙදීමට කටයුතු කරන ලෙස ද හිටපු ජනාධිපතිවරයා එහිදී ඉල්ලා සිටියා.
ඒ හේතුවෙන් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් බරපතළ අපහසුතාවයට පත්වී සිටින බවයි හිටපු ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)