ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවූ විශේෂ ආධාර මුදලක් මෙරටට ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා.
ඒ මෙරට අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සඳහායි.
ආසියානු සංවර්ධන බැංකුවේ විශේෂ පිරිසක් මෙරට අපනයන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා මෙරටට පැමිණ සිදුකරන සාකච්ඡා අතරතුරදී මෙම එකඟතාවය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අපනයන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ මෙරට අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ඉදිරියේදීත් සහය වීමට එම බැංකුව එකඟ වූ බවයි.
(colombotimes.lk)
