ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහභාගී වීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කළේ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අමාත්‍යවරයා ඊට සහභාගී වන බවයි.
වතිකානු නගරයේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී හෙට (26) ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.