18 May 2025


අමාත්‍යවරයෙක් ස්විට්සර්ලන්තයට



සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (18) උදෑසන ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම වෙනුවෙන්.

මෙම සමුළුව හෙට (19) සිට ලබන 17වනදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

“එකම සෞඛ්‍යමත් ලොවක්” යන්න මෙවර එහි තේමාව බවට පත්වී තිබෙනවා.

(colombotimes.lk)