02 June 2025


මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර 30,000ක් හඳුනා ගනියි



දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මදුරු මර්දන වැඩසටහනේදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 30,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ විශේෂ මදුරු මර්දන සතිය තුළ පරිශ්‍ර 128,824ක් පරික්ෂාවට ලක් කර ඇති බවයි.

එහිදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන 31,145ක් හඳුනා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6,777ක් මෙහිදි හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය 3,916ක් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රතු නිවේදන නිකුත් කර බවයි වාර්තා වන්නේ.

තවත් පරිශ්‍ර 1,470කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන තිබෙනවා.

(colombotimes.lk)