02 June 2025


අනුදි ශ්‍රී ලංකා නාමය තවත් බබළවයි



ඉන්දියාවේ තෙලගනාහිදී පැවැත්වෙන 72වන ලෝක රූ රැජින තරගයේ' Head-to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20දෙනා අතරට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර සමත් වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට ඇය එම වටයේ ආසියානු සහ ඕෂනියා කලාපයෙන් හොඳම 5දෙනා අතරට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

වසර 74ක ලෝක රූ රැජින තරග ඉතිහාසයේ Head-to-Head Challenge අංශයෙන් අවසන් වටයට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිය ලෙස අනුදි වාර්තා අතරට එක් වී තිබෙනවා.

අනුදි සහභාගිවන Head-to-Head Challenge අංශයේ අවසන් 20දෙනා සහභාගිවන අවසන් තරගය අද (23) පැවැත්වීමට නියමිතයි.

 
(colombotimes.lk)