මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගනිමින් පෝෂණය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට අදාළ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එම ක්‍රියාවලියට අදාළ ප්‍රගතිය සහ නීතිමය ප්‍රතිපාදන පිළිබඳව පුළුල් ලෙස එහිදී විමසා ඇති අතර ඊට අදාළ යෝජනා සහ අදහස්ද ඉදිරිපත් කර තිබූ බවයි.
එමෙන්ම මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර ගනිමින් පෝෂණය කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා එහිදී දැඩිව අවධාරණය කර තිබෙනවා.
(colombotimes.lk)
