නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම්දීමට නියමිත බවයි.
කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන්ද මෙහිදී දිවුරුම්දීම සිදුවනවා.
නව රජයේ අමාත්‍ය මණ්ඩල සංඛ්‍යාව උපරිමය 25කට සීමාවන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අග්‍රාමාත්‍ය ධූරයේද වෙනසක් සිදු නොකිරීමට ජාතික ජන බලවේගය පක්ෂය තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)