17 September 2025

logo

ජනාධිපති අරමුදල වෙත ජනපතිගෙන් නව නියෝගයක්



කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සහ කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

රටේ අනාගතය වන දරු පරපුරේ සුබසිද්ධිය සහ දුප්පත් දෙමව්පියන්ට සහනයක් වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

ඒ අනුව රාගම ශික්ෂණ රෝහලේ සිදුකරනු ලබන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මවලදී රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව මේ වසරේ ජනවාරි මස පළමුවන දින සිට ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබාදීමට නියමිතයි.

එමෙන්ම මෙරට තුළ වර්ෂයකට කර්ණශංඛ බද්ධ කිරීමේ සැත්කම සිදුකළ යුතු දරුවන් 200 කට අධික ප්‍රමාණයක් උපත ලබන බවයි වෛද්‍ය පරීක්ෂණවලින් පෙන්වා දී ඇත්තේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදු කරනු ලබන මෙම ශල්‍යකර්මය සඳහා යොදන රුපියල් මිලියන 4කට ආසන්න වටිනාකමින් යුත් උපකරණය එම රෝහලට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් නොමිලේ ලබා දී තිබෙනවා.

නමුත් සැත්කම සඳහා වියදම් වන රුපියල් ලක්ෂ හයක මුදල රෝගීන් විසින් ගෙවිය යුතු වන බවයි සඳහන් වන්නේ.

ඊට පිළියමක් ලෙස සැත්කම සඳහා වියදම් වන රුපියල් ලක්ෂ හයක මුදල ජනාධිපති අරමුදලින් ලබා දීමට නියමිතයි.
(colombotimes.lk)