31 January 2025


ගමනාගමන ප්‍රශ්න විසඳීමට නව වැඩපිළිවෙළක්



ගමනාගමන ප්‍රශ්න ව්‍යුහාත්මකව සහ තාක්ෂණිකව විසඳීමට ජනතාවට ඍජුව සම්බන්ධවීමට අවශ්‍ය ක්‍රමය සකස් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.

ඒ ඊයේ (30) ජාතික ගමනාගමන කොම්සමේදී (NTC) එහි නිලධාරින් සමඟ පැවති සාකඡාවේදීයි.

එහිදී මගීන්ගේ ගැටලු, බලපත්‍ර ගැටලු, සේවක ගැටලු, අවසරපත්‍ර ගැටලු, සමාගම්වලට ආදායම් බෙදී යාම පිළිබඳ ගැටලු, බස් සහ අනෙකුත් වාහන වල අමතර අලංකරණ ගැටලු, ආසන පටි පැළඳීම හා අනතුරු ආදී ගැටලු රැසක් සම්බන්ධයෙන් අවදානය යොමු වී තිබෙනවා.

එම ගැටලු විසඳීමට අවශ්‍ය පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)