11 May 2025


ලංකාවේ "නිපා වෛරසයට" ගොදුරු වූ දෙදෙනෙකු හමුවීම ගැන ඇත්ත නැත්ත මෙන්න



නිපා වෛරසයට ගොදුරු වූ දරුවන් දෙදෙනෙකු රිජ්වේ ආර්යා ලමා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය තුල සංසරණය වන පුවත් සාවද්‍ය බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වෛද්‍ය ජි විජේසුරිය මහතා පවසනවා. 

මෙම වෛරසයට ගොදුරුවූවා යැයි සැක කෙරෙන කිසිවෙකු මේ දක්වා ලංකාවේ කිසිදු ස්ථානයකින් වාර්තා වී නොමැති බවත් එවැනි වෛරසයක් රට තුළට පැමිණියහොත් ඒ සඳහා කටයුතු කිරීමට සෞඛ්‍ය අංශ සූදානමින් පවතින බවයි වෛද්‍යවරයා සඳහන් කළේ. 
 
එම නිසා කිසිඳු අවස්ථාවක පවතින රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් තුළට පැමිණිමට කිසිඳු බියක් ඇති කර නොගත යුතු බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
(colombotimes.lk)