19 April 2025


පාර්ලිමේන්තුවෙන් මැතිවරණ කොමිසමට දැනුම්දීමක්



ජාතික ජන බලවේගය නියෝජනය කළ කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරගේ අභාවය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ඊයේ (06) දින සිට 10වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම්දී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න විසින්.

1988 අංක 35 දරන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

(colombotimes.lk)