colombotimes.lk
සිංහල | English

20 May 2024

උපයෝගීතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක්



විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දී නොමැති බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව අදාළ යෝජනා මැයි මස පළමු වනදා කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබුණා.

එහෙත් විදුලිබල මණ්ඩලය සිදු කළ ඉල්ලීමක් මත එම කාලය හෙට (10) දින දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබෙනවා.

මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ අදාළ යෝජනා ලැබීමෙන් පසු විදුලිබිල අඩු කිරීම සඳහා වන ක්‍රියාදාමය ආරම්භ කරන අතර විදුලිබිල අඩු කිරීමේ ප්‍රතිශතය ජූලි මාසයේ දී ප්‍රකාශ කළ හැකි බවයි.
(colombotimes.lk)