08 May 2025


ප්‍රසන්න රණවීරට අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න



හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (07) නියෝග කර තිබෙනවා.

ඒ මහර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින්.  

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මඟහැර සිටි ඔහු අද (07) පෙරවරුවේ මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වුණා.

ඒ ඔහු අධිකරණය මඟහැරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු  නිකුත් කර තිබූ පසුබිමකයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

(colombotimes.lk)