08 May 2025


ලෝක තැලසීමියා දිනය අදයි



ලෝක තැලසීමියා දිනය අදට (08) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වී ඇත්තේ 'තැලසීමියා සමඟ එක්ව ප්‍රජාවන් එක්සත් කිරීම, රෝගීන්ට ප්‍රමුඛතාව දීම' යන්නයි.

මෙරට ළමුන් 2000ත් 2500ත් අතර පිරිසක් තැලසිමියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.  

එම අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිද්දි සමරකෝන් සඳහන් කළේ මෙරටින් වසරකට උපත ලබන ළමුන්ගෙන් 40ත් 50ත් අතර පිරිසක් තැලසීමියා රෝගීන් බවට හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම තැලසීමියා රෝග වාහකයන් ලක්ෂ 5ක් පමණ සිටින බවට හඳුනාගෙන තිබෙනවා.

(colombotimes.lk)