08 May 2025


පාකිස්ථානයේ ලාහෝර් දක්වා සියලුම ගුවන්ගමන් තාවකාලිකව නවතියි



ශ්‍රී ලංකාවේ සිට පාකිස්ථානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන්ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබෙනවා.

ඒ ආරක්ෂක හේතූන් මත බවයි වාර්තා වන්නේ.
 
එමෙන්ම ඉන්ඳු - පාකිස්ථාන යුද ගැටුම් සමඟ අද (08) උදෑසන ද ලාහෝර් නුවර පිපිරිම් 3ක්ද වාර්තා වී තිබෙනවා.

(colombotimes.lk)