පළාත් පාලන ආයතනවල බහුතරය හිමිකරගත් පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල සභාපතිවරුන් නම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ 50%කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයකින් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන්ට අදාළ දැනුම්දීම සිදු කළ බවයි.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල ඊයේ (07) දිනයේ නිකුත් වූ අතර එහිදී පළාත් පාලන ආයතන රැසක බලය හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත් වී තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ කොට්ඨාස මට්ටමින් තේරී පත් වූ පළාත් පාලන ආයතන සභිකයන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදු කරන බවයි.
පළාත් පාලන ආයතන සඳහා පත් කළ යුතු කාන්තා නියෝජනයන් පිළිබඳව ඉදිරි දිනවලදී අදාළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩයම් වෙත දැනුම්දෙන බවද එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)