මේ වන විට පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ නොදමා සිටීමේ බලාපොරොත්තුවෙන් රජය සිටින බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ප්‍රකාශ කළා.
ඒ අද (08) පාර්ලිමේන්තුවේදීයි.
IMF අවශ්‍යතාවට අනුව ඉදිරියේදී විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කරන්නේ ද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් යොමු කර තිබෙනවා.
ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ රජයට විදුලිබිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති වුවත් ණය ගෙවීම සඳහා විදුලි බිලෙන් ලැබෙන දායකත්වය ඉහළ බවයි.
කෙසේවෙතත් ලබන මාසයේ මුල් සතිය වන විට මේ සම්බන්ධයෙන් නිවැරදි අදහසක් පළ කළ හැකි බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)