30 May 2025


හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන්ට දුන් නියෝගය



ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන තුසිත හල්ලොලුව ගමන් කළ මෝටර් රථයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරුවන් තිදෙනෙක් පැය 24ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබෙනවා.

ඒ  කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර නොමැති බවත් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවත් පොලීසිය අධිකරණයට දන්වා තිබෙනවා.  

එම ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන සැකකරුවන් පැය 24ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා.

 
(colombotimes.lk)