ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියකින් තොරව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගොනුකර තිබෙන පෙත්සම් සැප්තැම්බර් 08වනදා කැඳවන ලෙස නියෝග තිබෙනවා.
ඒ එම පෙත්සම් අද (28) ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම අභියෝගයට ලක්කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව 09ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.
(colombotimes.lk)