11 July 2025

logo

ඇණවුම් කළ ඉන්ධන තොගයක් ප්‍රමිතියෙන් තොර බවට සනාථ වෙයි



ලංකා ඉන්දියානු තෙල් සමාගම (LIOC) ඇණවුම් කර ගෙනෙන ලද ඉන්ධන නෞකාවේ බහා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 19,000න් 11,000ක් ම ප්‍රමිතියෙන් තොර බවට රසායනාගාර පරීක්ෂාවේදී සනාථ වී තිබෙනවා.

එම ප්‍රමිතියෙන් තොර ඩීසල් ගොඩබෑම අත්හිටුවීමට කටයුතු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දර්ශන රත්නායක මහතා සඳහන් කළා.

ඔහු පැවසූවේ ඩීසල් මෙට්‍රික් ටොන් 8,400ක් ප්‍රමිතියෙන් යුතු බවට දෙවන වර සිදුකළ රසායනාගාර පරීක්ෂාවකින් තහවුරු වීමත් සමඟ එම ඩීසල් තොගය පමණක් කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්තය වෙත ගොඩබෑම සිදු කළ බවයි.

කොළඹ වරායට ඉකුත් 5 වන දා එම්.ටී. ෆොස් පවර් නමැති මෙම නෞකාව සේන්දු වූ අතර එහි පෙට්‍රල් සහ ඩීසල් තොග බහා තිබුණා.
(colombotimes.lk)