21 January 2025


අයහපත් කාලගුණයෙන් 20,000කට පීඩා



පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ හේතුවෙන් පවුල් 6,785කට අයත් පුද්ගලයන් 20,300දෙනෙක් පීඩාවට පත්ව ඇති බවයි.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම තවත් පුද්ගලයන් තිදෙනෙක් විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)