2025 පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම සඳහා ලබාදී ඇති කාල සීමාව අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ නම් ලැබුණු වහාම මැයි 31වනදා එම නම් සඳහන් ගැසට් පත්‍රය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
පළාත් පාලන ආයතන 161ක් සඳහා මේ වන විටත් සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය සකස් කර අවසන් කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගැසට් නොකළ කිසිදු පුද්ගලයෙක්ට පළාත් පාලන ආයතන ප්‍රධානීන් පත් කර ගැනීමට ඡන්දය භාවිතා කළ නොහැකි බවයි.
(colombotimes.lk)