තීරු බදු සහිතව චෙන්නායි සිට ගුවන් මඟින් මෙරටට රැගෙන එන ලද විදේශ දුම්වැටි 4200 (කාටුන් 21) සමඟ සැකකරුවෙක් අද (07) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ කටුනායක ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ වැටලීමකදීයි.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)