බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘත තැබෙන බව නියෝජ්‍ය තැපැල්පතිවරයා දැනුම් දී තිබෙන බව බස්නාහිර පළාත් පොලිස් රථවාහන කොට්ඨාසය පවසනවා.
ඒ රථවාහන වැරැදි සඳහා නිකුත් කරන දඩ පත්‍රිකා ගෙවීම සඳහායි.
ඒ අනුව බොරැල්ල, වැල්ලවත්ත, හැවොලොක් ටවුන්, දෙහිවල, මොරටුව, පානදුර, කළුතර, කොටහේන, කොම්පඤ්ඤවීදිය, බත්තරමුල්ල, ගල්කිස්ස, නුගේගොඩ සහ සීතාවකපුර යන තැපැල් කාර්යාලවලින් පැය 24 පුරා දඩ කොළ ගෙවිය හැකි බවයි පොලිස් රථවාහන කොට්ඨාසය පැවසුවේ.
(colombotimes.lk)