22 November 2024


අධ්‍යාපනයේ අසමානතා නැති කරන බව අග්‍රාමාත්‍යවරිය කියයි



ජාතික ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනයේ අසමානතා නැතිකර සියලු පාසල් උසස් ප්‍රමිතියකින් පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සකස් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ ගම්පහ දිස්ත්‍රික් පෙරපාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

පෙර පාසල් දරුවන් හා ගුරුවරුන් වෙනුවෙන් නව රජයේ ප්‍රතිපත්ති පිළිබඳවද එහිදී අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

(colombotimes.lk)