17 September 2025

logo

VIDEO | බදු බර ඇතුළු ආණ්ඩුවේ ක්‍රියා වලට එරෙහිව උද්ඝෝෂණයක්



'යුක්තිය කෝ ආර්ථිකේ ' නමින් ආර්ථික යුක්තිය උදෙසා වූ ජනතා සාමුහිකය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (11) හෝමාගම නගරයේ දී පැවැත්වුණා.

රටේ ජනතාවට දරා ගත නොහැකි ලෙස බදු බර ඉහළ ගොස් ජීවත්වීම සඳහා කෑම වේලක් සපයා ගත නොහැකි ආර්ථිකයක් ඇති වී තිබෙන බව පවසමින් ඔවුන් මෙම විරෝධතාව පැවැත්වූවා.

මේ සඳහා ආර්ථික යුක්තිය උදෙසා වූ ජනතා සාමුහිකයේ කොළඹ දිස්ත්‍රික් කැඳවුම්කරු තරිඳු දිලීප ගමගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.

(colombotimes.lk)