colombotimes.lk
සිංහල | English

08 September 2024


පරවියන් මරා දැමීමට ජනමත විචාරණයක්



ජර්මනියේ ‘ලිම්බර්ග් ඇන් ඩේර් ලාන් (Limburg an der Lahn) නගරයේ සිටින පරෙවියන් මරා දැමීමට නගර බලධාරීන් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මුළු පරවි ගහනයම විනාශ කර දැමීමට ජනමත විමසුමක් පවත්වා නගර වැසියන්ගේ කැමැත්ත ලබා ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මෙම නගරයේ පරවියන් දස දහස් ගණනක් ජීවත් වන අතර, කුරුල්ලන්ගේ මළ මූත්‍රා නිසා නගර වැසියන්ට එය කරදරයක් වී තිබෙන බවයි.

මේ හේතුවෙන් පසුගිය 20 වැනිදා ජනමත විමසුමක් පවත්වා පරවියන් මරා දැමීමට නගර වැසියන් කැමැත්ත ලබා ගෙන තිබෙනවා.

නමුත් සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් සහ සංවිධාන ඊට එරෙහි වී ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.

(colombotimes.lk)