02 June 2025


පුංචි ඡන්දයේ අපේක්ෂකයන්ට සිහිකැඳවීමක්



පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කළ සියලුම අපේක්ෂකයන් 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව තම මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා වෙන වෙනම සකස් කර ලබන 27වනදා මධ්‍යම රාත්‍රී 12.00ට හෝ ඊට පෙර තරග කළ පළාත් පාලන ආයතනයන්හී තේරීම්භාර නිලධාරීන් වෙත භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නියමිත කාලය තුළ මැතිවරණ වියදම් වාර්තා භාර නොදීම තුළින් නීති විරෝධී ක්‍රියාවක් වන වරදක් සිදු කරන බවයි.

ඒ පිළිබඳව මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුකූලව නීත්‍යනුකුලව කටයුතු කර බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)