03 June 2025


නිවාස පේළියක වහල සුළඟට ගසාගෙන යයි



නුවරඑළිය බඹරකැලේ වතුයාය හරහා අද (30) හමා ගිය දැඩි සුළඟකින් වතු නිවාස පෙළක පිහිටි නිවාස 04ක වහල ගැලවී ගොස් තිබෙනවා.

පීඩාවට පත් වතු කම්කරුවන් සඳහන් කළේ අද දහවල් එකවරම පැමිණි සුළඟකින් වහලයේ සවිකර තිබූ සිවිලි තහඩු ගැලවී ගිය බවයි.

මේ හේතුවෙන් අවතැන් වූ පවුල් 4කට අයතු සාමාජිකයන් ආරක්ෂිත ස්ථානයක් කරා යොමු කිරීමට වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

(colombotimes.lk)