colombotimes.lk
සිංහල | English

18 October 2024


ළමුන් 22කට දිවි අහිමි කරමින් නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි



නයිජීරියාවේ මධ්‍යම ප්‍රාන්තයේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් ළමුන් විසි දෙදෙනෙක් මිය ගොස් ඇති අතර 130කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවයි.

එම පාසලේ සිසුන් 1000කට අධික පිරිසක් සිටි බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම අනතුරට හේතු වී ඇත්තේ දින 03කට අධික කාලයක් පැවති වර්ෂාපතනය බවයි. 
(colombotimes.lk)