අස්වැසුම දෙවන අදියරේ සමීක්ෂණ 15 වනදා ඇරඹෙයි



අස්වැසුම දෙවන අදියරේ සමීක්ෂණ කටයුතු ලබන 15 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සමඟ අද (04) පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළා.

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ පිරිසට ඉදිරි සතියක කාලය තුළ ඒ සඳහා අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට අයදුම්පත් හාර ලක්ෂ හැත්තෑපන්දහසක් ලැබී ඇති අතර ඉන් අයදුම්පත් හාර ලක්ෂ පන්දහසක් තොරතුරු පද්ධතියට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.  
(colombotimes.lk)